Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th July 2024 11:47:57 Hours

22 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් දින 05 ගිණුම්තැබීම පිළිබඳ වැඩමුළුවක්

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් පරිදි 22 පාබල සේනාංකයේ සෙබළුන්ගේ ගිණුම්තැබීම පිළිබඳ දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් දින 5 ක ගිණුම්තැබීම පිළිබඳ වැඩමුළුවක් පවත්වන ලදී.

එම වැඩමුළුව සඳහා 22 පාබල සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන් හි සෙබළුන් 28 දෙනෙකු සහභාගී වූහ.

මෙම ගිණුම්තැබීමේ වැඩමුළුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය විසින් පවත්වන ලදී.