07th April 2023 21:41:48 Hours
ශ්‍රී ලංකා දුනුවිදීමේ සංගමය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සංවිධානය කරන ලද 21 වැනි ජාතික දුනුවිදීමේ ශූරතාවලිය - 2023, පසුගිය බදාදා සහ බ්‍රහස්පතින්දා (05 සහ 06) යන දිනයන්හිදී දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර, එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා දුනුවිදීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 1 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනා ගැනීමට සමත් වූහ.
ත්‍රිවිධ හමුදාවේ දුනුවිදීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු දුනුවිදීමේ ක්‍රීඩා සංගම් 20 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් දිවයින පුරා සිටින දුනුවිදීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 කට අධික සංඛ්‍යාවක් මෙම තරගාවලිය සඳහා තරඟ කළ අතර, එහිදී යුද්ධ හමුදාවේ ක්‍රීඩකයන් දැක්වූ දස්කම් පහත පරිදි වේ.
පිරිමි අංශය - රන් පදක්කම
කෝප්‍රල් ඒ.ඒ.එස් වසන්ත කුමාර - 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
මීටර් 70 පිරිමි කණ්ඩායම් ඉසව්ව - රන් පදක්කම
සැරයන් එම්.ඒ.ඒ නෙරංජන් - 14 වන ගජබා රෙජිමේන්තුව
කෝප්‍රල් බී.ඒ.එන් වසන්ත කුමාර - 9 වන ගැමුණු හේවා බලකාය
සංසෙ එච්.ඒ.එස්.එල් විජේසිරි - 11 වන ශ්‍රී ලංකා සංඥා බලකාය
මීටර් 70 මිශ්‍ර කණ්ඩායම් ඉසව්ව - රන් පදක්කම
කෝප්‍රල් බී.ඒ.එන් වසන්ත කුමාර - 9 වන ගැමුණු හේවා බලකාය
කාසෙ එච්.ජී.සී.පී ගජනායක - 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය
මීටර් 70 පිරිමි අංශය - රිදී පදක්කම
සංසෙ එච්.ඒ.එස්.එල් විජේසිරි - 11 වන ශ්‍රී ලංකා සංඥා බලකාය
මීටර් 70 පිරිමි අංශය - රිදී පදක්කම
කපිතන් එච්.කේ.අයි පෙරේරා (විශ්‍රාමික)
පිරිමි අංශය - ලෝකඩ පදක්කම
ලාන්ස් කෝප්‍රල් එම්.ඩී ගලප්පත්ති - 11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව