Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th April 2023 19:18:55 Hours

641 වන පාබල බලසේනාවේ භටපිරිස් මුලතිව් ප්‍රදේශයේ ක්‍රිකට් තරඟාවලියක් පවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන පාබල සේනාංකයට අයත් 641 පාබල බලසේනාවේ භටපිරිස් සංවිධානයෙන් අප්‍රේල් මස 1 වන දින සිට අප්‍රේල් 5 වන දින දක්වා මුලතිව් ප්‍රදේශයේ සිවිල් ක්‍රිකට් කණ්ඩායම් අතර සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී.

පසුගිය සෙනුරාදා (08) දින පැවති අවසන් තරඟය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 64 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී වූහ.

අවසන් මහා තරඟයේදී මුත්තුවිනායගපුරම් ක්‍රිකට් කණ්ඩායම සහ පාලම්පාසි ක්‍රිකට් කණ්ඩායම අතර පැවති ඉතා තියුණු තරඟයකින් පසුව පාලම්පාසි ක්‍රිකට් කණ්ඩායම ශූරතාව දිනා ගැනීමට සමත් විය.

මුලතිව් ප්‍රදේශයේ දානපතියන් දෙදෙනකු වන මහාලිංගම් දයාබරන් සහ රාමසාමි කණවාඩිපිල්ලෙයි යන මහත්වරුන් මෙම ක්‍රිකට් තරඟාවලිය සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබා දුන්හ.

641 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව් එල් කොළොන්නගේ යූඑස්පී ගේ උපදෙස් මත 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් ක්‍රිකට් තරඟාවලියේ සියලු සංවිධාන කටයුතු සිදු කරන ලදී.

අවසන් මහා තරඟය නැරඹීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක් ද පැමිණ සිටියහ.