Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th April 2023 06:11:44 Hours

යුද්ධ හමුදා ධාවකයින් ‘Magasthota Festival of Speed -2023’ තරඟාවලියේ දස්කම් දක්වයි

අප්‍රේල් මස 8 සහ 9 යන දෙදින නුවරඑළිය, මාගස්තොට කඳු තරණ මෝටර් රථ ධාවන පථයේ පැවති ‘Magasthota Festival of Speed -2023’ තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ධාවන පැදි තරඟකරුවන් දිවයිනේ අනෙකුත් තරඟකරුවන් පරාජය කරමින් කුසලාන දිනා ගැනීමට සමත්වූහ.

තරඟ ඉසව් තුනක ධාවන පැදි ක්‍රීඩකයන්ගේ දස්කම් පහතින් දැක්වේ.

125 CC / 250 CC speed trail bike විවෘත ඉසව්වේ තෙවන ස්ථානය දිනා ගැනීමට ඉංජිනේරු සේවා බලකායේ කෝප්‍රල් ජේ.එම්.එස් ජයලත් සමත් විය.

SM-Super Motard 250/450CC විවෘත ඉසව්වේ පළමු ස්ථානයත්, Sport Touring 600CC විවෘත ඉසව්වේ තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කෝප්‍රල් බී.අයි මධුරංග සමත් විය.

SM - Super Motard 250/450 CC විවෘත ඉසව්වේ 3 වන ස්ථානය දිනා ගැනීමට ගජබා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල එල්.බී.ඩී සෙනෙවිරත්න සමත් විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ සභාපතිතුමන් තරඟාවලිය සඳහා සහභාගී වූ ධාවකයින්ට අවශ්‍ය පහසුකම් සහ උපදෙස් ලබාදෙන ලදී.