Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2023 20:02:32 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් කරුණාරත්න ආසියානු රෝදපුටු ක්‍රිකට් තරඟාවලිය - 2023 සඳහා සහභාගී වෙයි

15 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් එම්.ඩී.ජී.එස් කරුණාරත්න, ඉන්දියාවේ ගුජරාට් හි පැවති ආසියානු රෝදපුටු ක්‍රිකට් තරඟාවලි - 2023 සඳහා ජාතික රෝදපුටු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී විය.

තරඟාවලිය සඳහා තේරීම් තරඟ 2023 මාර්තු මස 23 දින සිට 29 වන දින දක්වා පැවැත්වූ අතර, 2009 මැයි මාසයට පෙර පැවැති මානූෂිය මෙහෙයුමට සක්‍රීයව දායක වූ එම්.ඩී.ජී.එස් කරුණාරත්න බරපතල තුවාල ලැබීමෙන් පසු වෛද්‍ය නිර්දේශ මත රෝද පුටු භාවිතා කිරීම සඳහා නිර්දේශ කරන ලදී.

තරඟාවලියට ආසියානු රටවල් 4 ක් නියෝජනය කරමින් රෝදපුටු ක්‍රිකට් කණ්ඩායම් සහභාගි වූ අතර, එහිදී ශ්‍රී ලංකා රෝදපුටු ක්‍රිකට් කණ්ඩායම තරඟාවලියේ අනුශූරතාවය දිනාගැනීමට සමත් වූහ.

2008 වසරේ දී ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී බෝම්බයකට ගොදුරු වීම හේතුවෙන් මෙම කොමිෂන් නොලත් නිලධාරීගේ පාද දණහිසට පහළින් ඉවත්කර ඇත.