03rd April 2023 18:11:01 Hours
‘CR & FC’ ක්‍රීඩා සමාජයේ ශත සංවත්සරය වෙනුවෙන් අප්‍රේල් 1 සහ 2 දෙදින තුළ කොළඹ CR & FC ක්‍රීඩාංගණයේදී පැවති සත් සාමාජික රග්බි තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස්කම් දැක්වූහ.
පාසල් සහ විදේශීය රග්බි කණ්ඩායම් (ඕස්ට්‍රේලියානු සහ දෝහා කටාර්) ඇතුළු මෙරට ප්‍රමුඛ පෙළේ රග්බි ක්‍රීඩා සමාජවල සහභාගිත්වයෙන් මෙම රග්බි තරඟාවලිය පැවැත්වීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි රග්බි කණ්ඩායම ශ්‍රී ලංකා පොලිස් රග්බි කණ්ඩායම පරදවමින් බඳුන ශූරතාව දිනාගත් අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා රග්බි කණ්ඩායම ඕස්ට්‍රේලියානු කාන්තා රග්බි ක්‍රීඩා සමාජය පරදවමින් ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගත්හ.