06th April 2023 18:15:43 Hours
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ගේ උපදෙස් මත පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය පසුගිය සෙනසුරාදා (01) දින සියලුම නිලයන් සඳහා ‘පාපැදි සවාරියක්’ සංවිධානය කරනු ලැබීය.
පාපැදි සවාරිය පනාගොඩ, තලගල හන්දිය, මොරගහහේන, හොරණ, ඒගල් ඔය, බුලත්සිංහල යන ප්‍රදේශ ආවරණය කරමින් කිලෝමීටර් 43 ක දුරක් ගෙවමින් දෙල්මැල්ල ඔය ප්‍රදේශයෙන් අවසන් විය.
මෙම පාපැදි සවාරිය මගින් නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ ශාරීරික යෝග්‍යතාවය සහ දරාගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීම අරමුණු කර ගෙන ඇත. පා පැදි සවාරිය අවසානයේදී ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පාපැදි සවාරිය සඳහා සහභාගී වූවන් සහ පැමිණ සිටි ඔවුන්ගේ භාර්යාවන් සමඟින් ප්‍රණිත දිවා භෝජන සංග්‍රහයක් සඳහා ද සහභාගී වූහ.
මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 50 දෙනෙකු පමණ සහභාගී වූහ.