Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd April 2023 22:12:05 Hours

ආරක්‍ෂක සේවා ඔරු පැදීමේ ශූරතාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දස්කම් දක්වති

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ආරක්‍ෂක සේවා ඔරු පැදීමේ ශූරතාවලිය මාර්තු මස 22 දින සිට 24 දින දක්වා දින තුනක් පුරාවට දියවන්නා ඔය පරිශ්‍රයේදී ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩකයින් පදක්කම් 06 ක් සහ යුද්ධ හමුදා ක්‍රීඩිකාවන් පදක්කම් 04 ක් දිනාගත්හ. යුද්ධ හමුදා පිරිමි ඔරු පැදීමේ කණ්ඩායම රන් පදක්කම් 03 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනාගත් අතර, යුද්ධ හමුදා කාන්තා ඔරු පැදීමේ ක්‍රීඩිකාවන් රන් පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත්හ.

ශ්‍රී ලංකා නාවික හමුදා ඔරු පැදීමේ පිරිමි සහ කාන්තා කණ්ඩායම් එම ඉසව් දෙකෙහිම අනුශූරතාව දිනාගත් අතර ගුවන් හමුදා කණ්ඩායමට තෙවන ස්ථානය හිමිවිය.

තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ යුද්ධ හමුදා ඔරු පැදීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහතින් දැක්වේ:

කපිතන් එම්.බී.සී.එච්. ලියනගේ - 4 සන්නද්ධ බුද්ධි බලකාය

Scull කාන්තා ඉසව්ව - රන් පදක්කම

ද්විත්ව Scull කාන්තා ඉසව්ව - රන් පදක්කම

සැරයන් ඩබ්ලිව්.ජී.ආර්. චින්තක කුමාර - 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය

පිරිමි Coxless Four ඉසව්ව - රිදී පදක්කම

සැරයන් එස්.ජී.එස්.කේ. වීරකෝන් - 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය

කාන්තා Pair ඉසව්ව - රන් පදක්කම

ද්විත්ව Scull කාන්තා ඉසව්ව - ලෝකඩ පදක්කම

කෝප්‍රල් ඊ.එම්.එන්.එස්. සාගර - 5 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය

ද්විත්ව Scull පිරිමි ඉසව්ව - රන් පදක්කම

පිරිමි Coxless Four ඉසව්ව - ලෝකඩ පදක්කම

කෝප්‍රල් ටී.එච්.බී.එල්. ප්‍රනාන්දු - 20 වන ගජබා රෙජිමේන්තුව

පිරිමි Coxless Four ඉසව්ව - ලෝකඩ පදක්කම

කෝප්‍රල් එම්.පී.එම්. මැඩොන්සා - 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

පිරිමි Coxless Four ඉසව්ව - ලෝකඩ පදක්කම

කෝප්‍රල් පී.ජී.සී.එස්. කරුණාරත්න - 3 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

පිරිමි Pair ඉසව්ව - රන් පදක්කම

පිරිමි Coxless Four ඉසව්ව - රිදී පදක්කම

ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එල්.අයි.ඒ. මදුසර - 10 වන ශ්‍රී ලංකා සංඥා බලකාය

පිරිමි Coxless Four ඉසව්ව - රිදී පදක්කම

ලාන්ස් කෝප්‍රල් ටී.අයි.එස්. මෙන්ඩිස් - 11 වන ශ්‍රී ලංකා සංඥා බලකාය

කාන්තා Pair ඉසව්ව - රන් පදක්කම

ද්විත්ව Scull කාන්ත ඉසව්ව - ලෝකඩ පදක්කම

ලාන්ස් කෝප්‍රල් එම්.එන්.එම්. නෆිරාන් - 11 වන ශ්‍රී ලංකා සංඥා බලකාය

Scull පිරිමි ඉසව්ව - රන් පදක්කම

ද්විත්ව Scull පිරිමි ඉසව්ව - රන් පදක්කම

ලාන්ස් කෝප්‍රල් ජේ.එච්.එස්. වයිහෙනගේ - 12 වන ශ්‍රී ලංකා සංඥා බලකාය

ද්විත්ව Scull කාන්තා ඉසව්ව - රන් පදක්කම

ලාන්ස් කෝප්‍රල් ආර්.ටී.එස්. කරුණාරත්න - 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

Coxless Four පිරිමි ඉසව්ව - රිදී පදක්කම

ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.ජී.පී. බණ්ඩාර - 17 වන ගජබා රෙජිමේන්තුව

පිරිමි Pair ඉසව්ව - රන් පදක්කම

Coxless Four පිරිමි ඉසව්ව - රිදී පදක්කම

සංඥා සෙබල ඩී.පී.කේ.සී. බණ්ඩාර - 12 වන ශ්‍රී ලංකා සංඥා බලකාය

පිරිමි Scull ඉසව්ව - ලෝකඩ පදක්කම