Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th October 2023 21:26:29 Hours

10 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් මූලිකත්වයෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

74 වන යුද්ධ හමුදා සංවත්සරය, ජාත්‍යන්තර වැඩිහිටි හා ළමා දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයේ 144 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 10 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් මූලිකත්වයෙන් පසුගිය ඉරිදා (ඔක්තෝම්බර් මස 01) දින බත්තරමුල්ල, නගරසභා ළමා සහ වැඩිහිටි නිවාස පරිශ්‍රයේ දී ත්‍යාග පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

මෙම ප්‍රජා මූලික වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහ 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක යූඑස්පී ගේ උපදෙස් මත 144 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඩී.සී.එල් විජේනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලැබීය.

10 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් එම වැඩිහිටි හා ළමා නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් හා ළමුන් වෙනුවෙන් ප්‍රණීත දිවා ආහාරයක්ද පිරිනැමූ අතර, ළමුන් සඳහා පොත්පත්, ලිපි ද්‍රව්‍ය සහ ඇඳුම් පැළඳුම් ඇතුළු තෑගි පාර්සල්ද පිරිනැමිණි. වැඩසටහන අතරතුරදී ළමුන් සහ වැඩිහිටියන් වෙනුවෙන් කැලිප්සෝ තූර්ය වාදක කණ්ඩායමේ සංගීත රසාස්වාදයද පිරිනැමීය.

වැඩසටහන සඳහා 144 බලසේනාවේ බලසේනාධිපති, එම බලසේනාවේ සිවිල් සම්බන්ධීකරන නිලධාරි සහ 10 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ කාර්යයේ නියුතු අණදෙන නිලධාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.