Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd October 2023 23:20:22 Hours

19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුලුවේ භටපිරිස් මූලිකත්වයෙන් ප්‍රජා සත්කාරක වැඩසටහනක්

ලෝක වැඩිහිටි දිනයට සමගාමීව 19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුලුවේ භටපිරිස් මූලිකත්වයෙන් විදුලිපුර, චන්ද්‍රා විජේරත්න වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පසුගිය ඉරිදා (ඔක්තෝම්බර් මස 01) දින ලබාදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා වැඩිහිටි නිවාසයේ සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 11 දෙනෙකු සහභාගී වූ අතර, භටපිරිස් විසින් ඔවුන් වෙත ත්‍යාග බෙදාදීමක්ද සිදුකරනු ලැබීය. වැඩිහිටියන්ගේ විනෝදාස්වාදය සඳහා එහිදී කැලිප්සෝ සංගීතය කණ්ඩායමේ සංගීත රසාස්වාදයද ලබාදුන්හ. වැඩසටහන සඳහා 19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුලුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.