03rd October 2023 21:12:45 Hours
ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් 68 පාබල සේනාංකයේ සම්බන්ධීකරණයෙන් වල්ලිපුනම් පුදුකුඩිඉරිප්පු අන්ධ බිහිරි ළමා නිවාසයේ දරුවන් වෙනුවෙන් 2023 ඔක්තෝම්බර් මස 01 දින විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදී.
උත්සවය අතරතුර ළමුන් සඳහා විනෝදාත්මක අංගයන්, විවිධ ක්‍රීඩා සහ පැවරුම් සඳහා සහභාගී වීමට අවස්ථාව උදා වූ අතර එම අංගයන්ගෙන් අනතුරුව සංගීත වැඩසටහනක්ද පැවැත්විණි.
මෙම විශේෂ උත්සවය අතරතුර ළමුන් සඳහා රසවත් දිවා ආහාර වේලක් සහ සැමරුම අවසානයේදී සෑම ළමයෙකු සඳහාම ත්‍යාග පාර්සලය බැගින් ද ලබා දෙන ලදී. ළමුන් සඳහා ආහාරපාන ලබාදීමට පෙර යුද්ධ හමුදා භටපිරිස් විසින් එම පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ද දියත්කරන ලදී.
මෙම අවස්ථාව සඳහා 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් සහභාගී වූවේය.