09th September 2023 22:13:48 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය...
09th September 2023 22:03:54 පැය
අයහපත් කාලගුණික තත්ත්වයෙන් වනාතමුල්ල ඇතුළු කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා එල්ල වී ඇත. මෙම තත්ත්වය හේතුවෙන් 14 විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 6 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (සැප්තැම්බර් මස 03) දින වනාතමුල්ල ප්‍රදේශයේ අවතැන් වූ ජනතාවට පිසූ ආහාර බෙදාදෙනු ලැබීය. මෙම වැඩසටහනේදී, ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් නිවෙස්වලින් පිටතට යාමට නොහැකිව සිටි පවුල් 08 ක සාමාජිකයින් 47 දෙනෙකු වෙත ආහාරපාන පිරිනැමීම සිදුකෙරිණි.
08th September 2023 15:52:09 පැය
පාසල් සිසු සිසුවියන් අතර මුදල් ඉතිරි...
08th September 2023 15:41:39 පැය
මුලතිව්, පුදුකුඩිඉරුප්පු, කොම්බාවිල් ප්‍රදේශයේ වැසියන්ගේ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ භටපිරිස් ‘කාටා පිල්ලෙයාර්’ හින්දු කෝවිල් පරිශ්‍රයේ සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සිය තාක්ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ලබාදුන්හ.
07th September 2023 17:31:08 පැය
යුද්ධ හමුදා සාමාජිකයින් සහ රාජ්‍ය නිලධාරීන් අතර පවතින සුහදත්වය ප්‍රවර්ධනය කරමින්, ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 143 පාබල බලසේනාවේ සම්බන්ධිකරණයෙන් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය මත පුත්තලම, මූලික රෝහල වෙත අත්‍යාවශ්‍යව තිබූ වායු මෙට්ට පරිත්‍යාගයක් පසුගිය දා සිදුකෙරිණි.
06th September 2023 18:24:54 පැය
කලාඔය ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ භටපිරිස්හි සම්බන්ධිකරණය මත දානපතියන්ගේ අනුග්‍රාහකත්වයෙන් කලාඔය, මූනමල්ගස්වැව ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් 30 දෙනෙකු සඳහා පාසල් උපකරණ ප්රදානය කිරීමේ වැඩසටහනක් මූනමල්ගස්වැව ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 02) දින පවත්වනු ලැබීය.
05th September 2023 23:15:36 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකය වෙතින් ලෝක පොල් වගාකිරීමේ දිනයට සමගාමීව ආර්ථීක අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ අරමුණින් මුලතිව් ප්‍රදේශයේ සිවිල් වැසියන් 300 දෙනෙකු වෙත පොල් පැළ 1850 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (සැප්තැම්බර් මස 3) දින පුදුකුඩිඉරිප්පු මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරිණි.
04th September 2023 19:23:49 පැය
යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් එක්සත් රාජධානියේ ‘Chesnut Foundation’ පදනම වෙතින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත වෙල්වැටිතුරෙයි, චිතම්බරම් විද්‍යාලයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් 50 දෙනෙකු වෙත පාසල් බෑග් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය දා ක්‍රියාත්මක කරනු ලැබීය.
04th September 2023 19:10:49 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ 521 බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පරිත්‍යාගශීලියෙකුගේ සහයෝගය මත නෙල්ලිඅඩි සහ පේදුරුතුඩුව ප්‍රදේශයන්හි වෙසෙන වයස අවුරුදු පස්වන සහ නවවන වියේ පසුවන ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසුන් දෙදෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්රදානය කරනු ලැබීය.
03rd September 2023 21:17:19 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 පාබල සේනාංකයට අයත් 553 පාබල බලසේනාව වෙතින් ආර්ථිකමය බෝග සහ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2023 අගෝස්තු මස 31 දින යාපනය රාමනාදපුරම් රජයේ දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.