02nd October 2023 23:16:51 Hours
ඉංජිනේරු සේවා බලකායේ රාජකාරියෙහි නියුතු භටපිරිස්හි පවුල් වල අධ්‍යාපනය ලබන 2023 වර්ෂයේදී ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට නියමිත 5 ශ්‍රේණියේ ළමුන් සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල බෙදාදීමේ වැඩසටහනක් එම බලකායේ භටපිරිස් විසින් පසුගියදා පවත්වනු ලැබීය.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ප්‍රසාද් ලොකුබාලසූරිය මහතාගේ අනුග්‍රාහකත්වයෙන් ආදර්ශ ප්‍රශ්න පත්‍ර 100 ක් ඉංජිනේරු සේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 23) දින එම ළමුන් වෙත බෙදා දෙන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙරට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නගාසිටුවීම සඳහා මෙවැනි වැඩසටහන් විශාල ප්‍රමාණයක් දියත්කරමින් සිටියි. මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා සහ පාසල් ළමුන් සහභාගි වූහ.