03rd September 2023 21:05:57 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 521 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් යාපනය ප්‍රදේශයේ පිහිටි සක්කොටේ වෙරළ තීරය ආරක්ෂා කරගැනීමේ අරමුණින් එම ප්‍රදේශයේ වගකිවයුතු රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය වෙමින් එම වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2023 සැප්තැම්බර් මස 01 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
02nd September 2023 18:30:01 පැය
කිලිනොච්චිය ප්‍රදේශයේ ස්ථාපිත 1 බලකා මූලස්ථානයට අයත් 2 කමාන්ඩෝ රෙජිමේන්තුවේ සුබසාධන ව්‍යාපෘතියක් ලෙස එම එ්කකයේ භටපිරිස් කිලිනොච්චිය, තිරුමුරුක්කණ්ඩි ප්‍රදේශයේ වෙසෙන ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 31) දින පැවති කෙටි උත්සවයකදී නිවාසලාභින් වෙත පවරාදෙනු ලැබීය. නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය එම ඒකකයේ භටපිරිස් විසින් ලබාදෙන ලදී.
31st August 2023 20:43:20 පැය
කොටිකාවත්ත සිංහ සමාජයේ සභාපති නිහාල් ධර්මසිරි මහතා ගේ අනුග්‍රාහකත්වය මත එතුමන්ගේ භාර්යාව සහ සිංහ සමාජයේ අනෙකුත් සාමාජිකයින් විසින් මුල්ලේරියාව, කොටිකාවත්ත ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 35 ක් වෙත බෙදාදීමේ අරමුණින් පසුගිය සෙනසුරාදා (අගෝස්තු මස 26) දින වියළි ආහාර සලාක පාර්සල් තොගයක් 14 පාබල සේනාංකයට අයත් 144 පාබල බලසේනාවේ භටපිරිස් වෙත ලබාදුන්හ.
30th August 2023 20:03:39 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 4 ඇළ ප්‍රදේශයේ පිහිටි බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සියලුම අලුත්වැඩියා කටයුතු, ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර විහාරස්ථාන පරිශ්‍රයේ නාමපුවරුව සවිකිරීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා (අගෝස්තු මස 25) දින එම විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන් වෙත පූජාකරනු ලැබීය.
30th August 2023 19:57:50 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත...
29th August 2023 22:37:13 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයට අයත් 562 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ඇටඹගස්කඩ විද්‍යාලය, අග්‍රබෝධි විද්‍යාලය, මහකච්චිකුඩි විද්‍යාලය, බෝගස්වැව විද්‍යාලය සහ නැදුන්කුලම කනිෂ්ඨ විද්‍යාලය යන විද්‍යාලයන්හි ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරතවන සිසු සිසුවියන් 150 දෙනෙකු පසුගිය බදාදා (අගෝස්තු මස 23) දින මාමඩුව ශ්‍රී ස්වර්ණතිලකාරාමය වෙත කැඳවා ඔවුන් වෙත පාසල් පොත් සහ ලිපිද්‍රව්‍ය පරිත්‍යාග කරනු ලැබීය.
29th August 2023 22:31:24 පැය
232 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 4 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් එස්.පී.අයි.එච්. සේනානායක පීඑස්සී එල්එස්සී ගේ අනුග්‍රාහකත්වය මත ක්‍රියාත්මක කරනු ලැබූ සුබසාධන ව්‍යාපෘතියක් ලෙස පසුගිය බදාදා දින (අගෝස්තු මස 23) මඩකලපුව, කරවෙඩ්ඩියාරු විජිත පාසලේ සිසු සිසුවියන් 20 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.
27th August 2023 11:07:45 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයට අයත් 513 පාබල බලසේනාවේ භටපිරිස් චුන්ඩිපුරම් ප්‍රදේශයේ පිහිටි සිවපූමි වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් 2023 අගෝස්තු මස 23 දින ලබා දුන්හ.
27th August 2023 11:02:27 පැය
මේ වනවිට ක්‍රියාත්මක වන ඩෙංගු මර්ධන ව්‍යාපෘතියට සහයෝගය දක්වමින් ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකයට අයත් 642 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 14 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් අගෝස්තු මස 17 දින මුලතිව් ඔතියමලේ පාසල් පරිශ්‍රය පිරිසිදු කරනු ලැබීය.
27th August 2023 09:48:51 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 521 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් චුන්නාලේ දකුණු ප්‍රදේශයේ පිහිටි රජයේ දමිළ මිශ්‍ර පාසලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලැබූ ගොඩනැගිලි සහ අනෙකුත් ස්ථානයන්හි එම ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණ කර අගෝස්තු මස 21 දින පාසල් සිසු සිසුවියන්ගේ අයිතියට පවරාදුන්හ.