04th October 2023 21:20:19 Hours
මෙම වසරේ සැප්තැම්බර් මස 27 දිනට යෙදී තිබුනු ලෝක සංචාරක දිනය වෙනුවෙන් 24 පාබල සේනාංකයේ 243 පාබල බලසේනාවේ රාජකාරියෙහි නියුතු හමුදා සාමාජිකයින් 32 දෙදෙනෙකුගේ කණ්ඩායමක් එක්ව කල්ලඩි වෙරළ තීරය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පවත්වනු ලැබූහ.
භටපිරිස් එහිදී ට්‍රැක්ටර් රථ 05 යොදා ගනිමින් වෙරළ තීරයේ ඇති සියලුම අපවිත්‍ර ද්‍රව්‍ය එක්රැස් කොට පිරිසිදු කරන ලදී. 243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.සී.එස් කුමාරසිංහගේ උපදෙස් මත එම බලසේනාවේ බලසේනා මේජර්, මේජර් එච්.එම්.එස්.එස්. දිඹුලාගල විසින් 30 කට අධික භටපිරිසකගේ සහය ඇතිව මෙම වැඩසටහන සිදු කරන ලදී.