Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th October 2023 21:29:52 Hours

තඹලගමුව ප්‍රාදේශීය රෝහලේ ඇති වූ ගින්නක් මැඩපැවැත්වීමට 15 ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස්හි සහය

22 පාබල සේනාංකයේ 223 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයින් 65 දෙනෙකුට අධික පිරිසක් එක්වී පසුගිය ඉරිදා (ඔක්තෝබර් මස 01) දින තඹලගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩාවේ සහ රසායනාගාර ගොඩනැගිල්ලේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට සිය දායකත්වය දැක්වූහ.

යුද්ධ හමුදා භටපිරිස්, ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්, ගිනි නිවීමේ නිලධාරීන් සහ සිවිල් වැසියන් සමඟ එක්ව මෙම ගින්න පැතිර යාම මැඩපැවැත්වීමට කටයුතු කළහ.