02nd October 2023 23:28:07 Hours
යාපනය ප්‍රදේශයේ දරුවන්ට නව අත්දැකීමක් ලබාදීමේ අරමුණින් සහ ලෝක ළමා දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ 523 පාබල බලසේනාවේ භටපිරිස් විසින් යාපනය, නාවට්කුලි ප්‍රදේශයේ ‘ලක්දරු පෙර පාසලේ’ ළමුන් සඳහා විනෝද චාරිකාවක් පසුගිය සැප්තැම්බර් මස 29 සහ 30 යන දිනයන්හිදී සංවිධානය කරන ලදී.
ළමුන් ඇතුළු පිරිස යාපනයේ සිට කොළඹ දක්වා දුම්රියෙන් පැමිණි අතර, අනතුරුව යුද්ධ හමුදාව විසින් ඔවුන්ට සංචාරය කිරීම සඳහා විශේෂ බස් රථයක් සූදානම් කර තිබුණි. එම පිරිස ‘කැලණිය, වෝටර් වර්ල්ඩ්’ සහ ‘කොළඹ, නෙළුම් කුළුණ’ පරිශ්‍රයේ සංචාරය කරනු ලැබූහ.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සීගේ උපදෙස් අනුව 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සීගේ මගපෙන්වීම මත භටපිරිස් විසින් මෙම චාරිකාව සංවිධානය කරන ලදී.
චාරිකාවේ පැමිණි ළමුන් වෙත 11 කාරක ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් ආහාර පාන ලබාදුන් අතර, 52 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත ඔවුන් වෙත රසකැවිලි පාර්සල්ද පිරිනමන ලදී.
523 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්. බී. එල් පෙරේරා ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ මෙම චාරිකාව සිදුකරනු ලැබූ අතර, ‘ලක්දරු’ පෙර පාසලේ ගුරුවරුන් සහ දෙමාපියන් මෙවැනි චාරිකාවක් සංවිධානය කිරීම සම්බන්ධව යුද්ධ හමුදාව වෙත සිය කෘතවේදීත්වය පුදකලහ.