Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th October 2023 22:01:46 Hours

රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂකයින්ගේ කුසලතා ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩමුළුවක්

රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂකයින් සතු නායකත්ව ගුණාංග සහ බාලදක්‍ෂ කුසලතාවයන්හි වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ නිලධාරීන් 3 දෙනෙකු සහ සෙසුනිලයින් 7 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 5) දින රුහුණු විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී වැඩමුළුවක් පැවැත්වීය.

මෙම වැඩමුළුවේදී උපාධි අපේක්‍ෂකයින් 65 දෙනෙකු වෙත නායකත්ව ගුණාංග, සිතියම් කියවීම සහ භෝජනාගාර ආචාර විධි සහ කුසලතා ප්‍රවර්ධනය පිළිබඳව දැනුවත් කෙරිණි.

මෙම අවස්ථාව සඳහා 613 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ.ඩී.එන්.ආර්. කන්නන්ගර ආර්එස්පී අයිජී සහ 3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් පී.එ්.ජී.ඒ.පී. මඩිත්තපොල සහභාගී වූහ.