Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th October 2023 22:22:30 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ සාමාජිකයන් වෙනුවෙන් දේශනයක් පැවැත්වේ

හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 12 පාබල සේනාංක මූලස්ථානය වෙතින් පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 12) දින හම්බන්තොට දිස්ත්‍රික් රෝහල සංවිධානය කරන ලද ‘තත්ත්ව කළමනාකරණය’ තේමාව ඔස්සේ පැවති තෙදින වැඩමුළුවක් සඳහා දේශන සහය ලබාදෙනු ලැබීය.

කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ පැරෂුට් පුහුණු අංශයේ ප්‍රධාන උපදේශක සහ නායකත්ව පුහුණු පාඨමාලාවේ සම්බන්ධීකරණ නිලධාරී මේජර් පී.එස්. විදානගමගේ විසින් ‘වෘත්තීය සංවර්ධනය සහ මහජන ප්‍රතිරූපය ගොඩනැගීම’ තේමාව ඔස්සේ මෙම දේශනය පවත්වන ලදී.

මෙම දේශනයේදී සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර සහ ආචාර ධර්ම, ජංගම දුරකථන භාවිතය, සමාජ ආචාර විධි ආදී කරුණු පිළිබඳ සාකච්ඡා කෙරිණි. මෙම සැසිය සඳහා රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 50 කට අධික පිරිසක් සහභාගී වූ අතර, වැඩසටහන සමාප්තියේදී හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්‍ෂතුමන් විසින් යුද්ධ හමුදාව වෙතින් ලබාදුන් සහයෝගය ඇගයීමට ලක්කළේය. කෙටි දැනුම්දීමකින් තම ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සහ 12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත මෙම අවස්ථාවේදී සිය ස්තූතිය පුදකළේය.