18th October 2023 21:37:46 Hours
දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන අඩු ආදායම්ලාභී පවුලක් සඳහා 643 පාබල බලසේනාවේ සහ 8 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් එක්ව නව නිවසක් ඉදිකර පවරාදීම ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 13) දින පැවති උත්සවයකදී සිදු කරනු ලැබීය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් භටපිරිස් විසින් නව නිවස ඉදිකිරීමට තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ලබාදුන් අතර, නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය දානපතියන් විසින් ලබාදුන්හ.
මුලතිව්, ජීවනගර් ප්‍රදේශයේ පදිංචි කේ. රාජා මහතා සිය බිරිඳ සහ ආබාධිත දරුවන් දෙදෙනෙකු සමඟින් නිසි ආදායම් මාර්ගයක් නොමැතිව කුඩා පැල්පතක ජීවත්වන බවටත් ඔවුන්ගේ ජීවන තත්ත්වය යහපත් නොවන බවටත් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතා විසින් භටපිරිස් වෙත දැනුම් දීමෙන් පසුව 64 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී සහ 643 පාබල බළසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සී.ඩී වීක්‍රමනායක ඩබ්ලිව්වී ආර්එස්පීගේ උපදෙස් මත භටපිරිස් විසින් නව නිවස ඉදිකර දීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරනු ලැබීය.
8 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරීතුමන්ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් කෙටි කාලයක් තුළ නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී. නිවාස ලාභීන් වෙත නව නිවස භාරදෙන අවස්ථාවේදී නිවසට අවශ්‍ය ගෘහ භාන්ඩ සහ අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී.
නිවස ලබාදීමේ උත්සව අවස්ථාවට 64 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, 641, 642 සහ 643 පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, මේජර් ටී.එස්.බොහොරාන් (විශ්‍රාමික) ඇතුළු පරිත්‍යාගශීලීන්ගේ නියෝජිතයින්, සෙසු නිලයින්, නිවාස ලාභී පවුලේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.