16th October 2023 22:21:40 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි, ‘දෙරණ’ මාධ්‍ය ජාලය, පොල් සංවර්ධන මණ්ඩලය සහ Tropicoir Lanka පුද්ගලික සමාගම එ්කාබද්ධව උතුරු ප්‍රදේශයේ දෙවන ‘පොල් ත්‍රිකෝණය’ ස්ථාපිත කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි බලප්‍රදේශයේ පොල් පැළ 100,000 ක් වගාකිරීමේ ව්‍යාපෘතියක් පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 12) දින වවුනියාව, පම්පෙමඩු ප්‍රදේශයේ ආරම්භ කරන ලදී.
මෙම ව්‍යාපෘතිය මගින් අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ප්‍රාදේශීය සිවිල් වැසියන් අතර පොල් පැළ 11,500 බෙදාදීම පම්පෙයිමඩු ප්‍රදේශයේදී සිදුවූ අතර, එම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ දානපති ආයතනයන්හි නියෝජිතයින් ද සහභාගී වූහ.
74 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ජී.එම්.පී. කාරියවසම් ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් සහ 562 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.එම්.එස්.ජේ. තෙන්නකෝන් ආර්එස්පී ගේ මඟපෙන්වීම මත එම පාබල බලසේනාවේ භටපිරිස් විසින් මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූ අතර, Tropicoir Lanka පුද්ගලික සමාගමේ නිලධාරීන් විසින් මෙම අවස්ථාවේදී පොල් පැළ වගාකිරීමේ වැදගත්කම පිළිබඳව විශේෂ දේශනයක් ද පැවැත්වීය.
මන්නාරම, වවුනියාව සහ අනුරාධපුර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සියලුම සේනාංක සහ බලසේනාවන් මෙම ව්‍යාපෘතියට දායකත්වය ලබාදෙනු ලබයි. අනුරාධපුර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි 21 පාබල සේනාංකයත්, මන්නාරම දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි 54 පාබල සේනාංකය සහ වවුනියාව දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 56 පාබල සේනාංකයත් වශයෙන් මෙම ව්‍යාපෘතියට සිය දායකත්වය ලබාදෙනු ලබයි.
මෙම සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ වවුනියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ. සරත්චන්ද්‍ර මහතා සහභාගී වූහ. වවුනියාව, පම්පේමඩු ප්‍රදේශයේ පැවති මෙම පරිත්‍යාග උත්සවය සඳහා ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද මේජර් ජෙනරල් ඒ.කේ. රාජපක්‍ෂ ආර්එස්පී, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, Tropicoir Lanka පුද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂ තරිඳු දුනුවිල, අනුරාධපුර මහජන බැංකුවේ කළමණාකරු ධනවල විතාන, ‘මනුසත් දෙරණ’ ව්‍යාපෘතියේ නියෝජ්‍ය කළමනාකරු එච්. එම්. හර්ෂන චතුරංග යන මහත්වරුන්, සෙසුනිලයන් සහ සිවිල් වැසියන් රැසක් සහභාගී වූහ.
උතුරු ප්‍රදේශයේ ප්‍රථම ‘පොල් ත්‍රිකෝණය’ මීට පෙර මුලතිව් ප්‍රදේශයේ ආරම්භ කළ අතර, එහි දෙවන අදියර වශයෙන් මෙම වැඩසටහන වන්නි ප්‍රදේශයේ ආරම්භ කරනු ලැබීය.