Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th October 2023 22:16:16 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් මූලිකත්වයෙන් නායයෑමේ අවධානම පවතින ප්‍රදේශයන්හි ජනතාව ආරක්‍ෂත ස්ථාන වෙත යොමුකරයි

බදුල්ල දිස්ත්‍රික්කයේ කොස්ලන්ද, මාකල්දෙණිය ප්‍රදේශයේ නායයාමේ අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් එම ප්‍රදේශයේ වැසියන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 14) දින ප්‍රදේශවාසීන් 149 දෙනෙකු ගනේෂා දමිළ විද්‍යාලය වෙත රැගෙන යාමට කටයුතු කරනු ලැබීය.

මෙම ප්‍රදේශයේ පවතින අවධානම් සහගත බව පිළිබඳ දැනුවත් වීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් කණ්ඩායමක් එම ප්‍රදේශය වෙත කඩිනමින් යොමු කරනු ලැබූහ.