18th October 2023 21:33:24 Hours
74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව 64 පාබල සේනාංකයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් 90 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මුලතිව් රෝහලේ රෝගීන් සඳහා රුධිර පරිත්‍යාග වැඩසටහනක් පසුගිය ඉරිදා (ඔක්තෝම්බර් මස 15) දින සංවිධානය කරන ලදී.
64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත මෙම වැඩසටහන සිදුකරනු ලැබූ අතර, ඒ සඳහා මුලතිව් රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු ඇතුළු 10 දෙනකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් සහය වූහ.
641, 642, සහ 643 පාබල බලසේනාවන්,8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 23 විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් 90 දෙනෙකු රුධිරය පරිත්‍යාග කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ.