Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th January 2024 15:19:32 Hours

10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරයි

10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් අ.පො.ස (සා.පෙළ) සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දක්‍ෂතා පෙන්නුම් කළ සිසු සිසුවියන් 36 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් මන්නාරම, සිරිනාතකුලම් 10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකා මූලස්ථාන පරිශ්‍රයේ දී පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 27) දින සංවිධානය කරන ලදී. උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුන් වන විමුක්ති විජේසිංහ, තිසර තෙන්නකෝන් සහ අසේල විජේකෝන් යන මහත්වරුන් මෙම වැඩසටහන සඳහා මූල්‍යමය දායකත්වය ලබාදුන් අතර, එහිදී පාසල් ළමුන් වෙත පාසල් පාවහන්, පාසල් බෑග්, අභ්‍යාස පොත් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදාදෙනු ලැබූහ.

උත්සව අවස්ථාවට 541 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ මඩු කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.