19th February 2024 19:06:51 පැය
54 පාබල සේනාංකයේ සම්බන්ධීකරණය යටතේ රෝහල් සේවා මණ්ඩලය වෙතින් පසුගිය අඟහරුවාදා (2024 පෙබරවාරි මස 13) දින මන්නාරම යුද්ධ හමුදා ක්ෂේත්‍ර රෝහල වෙත රුපියල් මිලියන 1.8 කට අධික වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරනු ලැබීය. මෙම වැඩසටහනට සමගාමීව එම ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් පහක් වෙනුවෙන් සූර්ය පැනල පහක් ද පරිත්‍යාග කෙරිණි.
19th February 2024 19:05:01 පැය
12 පාබල සේනාංකයේ භටපිරිස් විසින් ලුණුගම්වෙහෙර ජලාශයේ වම් ඉවුර ආශ්රිත ප්‍රදේශය පුළුල් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ජනවාරි මස 29 දින සිට 31 දින දක්වා ක්‍රියාත්මක කරනු ලැබීය.
19th February 2024 19:04:20 පැය
22 පාබල සේනාංකයට අයත් 221 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 2 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වල ජීවත්වන ගැබිණි මව්වරුන් සඳහා වියලි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (පෙබරවාරි මස 13) දින ස්ථාපිත 2 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.
19th February 2024 13:53:36 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 පාබල සේනාංකයේ සේවයේ නියුතු භටපිරිස් තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් දියත් කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන රත්න හපන්ගම මහතාගේ අනුග්‍රාහකත්වය මත අංක 54, හීරළුගම, පඩික්ගම, මැදවච්චිය ලිපිනයේ පදිංචි නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.
18th February 2024 20:24:16 පැය
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය, මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සමඟින් පසුගිය සිකුරාදා (පෙබරවාරි මස 16) දින ශාන්ත ලූක් මෙතෝදිස්ත වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් 35 දෙනෙකු සඳහා දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.
14th February 2024 17:34:27 පැය
සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් අතර සුහදත්වය වර්ධනය කරමින් ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ ක්‍රීඩා හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් 15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් හමීදියා ක්‍රීඩා සමාජය සමඟ ඒකාබද්ධව 2024 පෙබරවාරි මස 8 සිට 11 දින දක්වා මොල්ලිපොතාන හමීදියා ක්‍රීඩාංගණයේදී පාපන්දු තරඟාවලියක් පැවැත්වීය.
14th February 2024 16:02:25 පැය
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් වෙනුවෙන් පිරිසිදු හා සනීපාරක්ෂක පරිසරයක් ගොඩනැඟීමේ අරමුණින් 2024 පෙබරවාරි මස 10 දින අල්-බද්රියා මුස්ලිම් පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
13th February 2024 18:10:56 පැය
දිවයින පුරා රජයේ රෝහල්වල වෘත්තීය සමිති විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් අඩාළ වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අමාත්‍යංශය වෙතින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත 2024 පෙබරවාරි මස 13 දින යුද්ධ හමුදා භටපිරිස් සිය දායකත්වය ලබාදෙනු ලබයි.
13th February 2024 18:05:43 පැය
11 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කොක්කඩිචෝයි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල ජීවනෝපාය නඟාසිටුවීම සඳහා තෝරාගත් ගොවිමහතුන් වෙනුවෙන් කිරිගවයින් ලබාදීමේ වැඩසටහනක් එම ඒකක පරිශ්‍රයේදී පසුගිය ඉරිදා (පෙබරවාරි මස 11) දින පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.සී.එස් කුමාරසිංහ සහභාගි විය.
13th February 2024 18:00:05 පැය
8 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් කුමන ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම පසුගිය සඳුදා (පෙබරවාරි මස 05) දින ආරම්භ කරනු ලැබීය.