30th January 2024 18:55:52 Hours
222 පාබල බලසේනාවේ භටපිරිස් විසින් කන්තලේ අග්බෝපුර පිහිටි මෙතෝදිස්ත දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 27) දින පවත්වන ලදී.
222 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.කේ.එස් තිලකරත්න ගේ උපදෙස් මත සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා භටපිරිස් 20 කට අධික පිරිසක් සහභාගී වූහ.