Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th January 2024 13:37:14 Hours

‘දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය’ නිමිත්තෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මුලිකත්වයෙන් කිරිබත් දන්සැලක් පවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් විසින් 2024 ජනවාරි මස 25 දිනට යෙදී තිබූ ‘දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය’ නිමිත්තෙන් කන්කසන්තුරේ, තිස්ස විහාරස්ථානය වෙත සපැමිණි බැතිමතුන් වෙනුවෙන් කිරිබත් දන්සැලක් පැවැත්වීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත සංවිධානය කළ මෙම දන්සැල සඳහා බැතිමතුන් 600 කට අධික පිරිසක් සහභාගී වූහ.

මෙම වැඩසටහනට සමගාමීව භටපිරිස් විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය පරිශ්‍රයේ බෝධි පූජා පිංකමක් ද පැවැත්වීය. එහිදී, ශ්‍රී නාගවිහාරස්ථානයේ විහාරාධිපති මීගහජඳුරේ ශ්‍රී විමල නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ධර්ම දේශනාවක් ද පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් ද සහභාගි වූහ.