Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th January 2024 15:12:35 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, සහභාගීත්වයෙන් මාවිද්දපුරම් කෝවිල් පූජාව පවත්වයි

හින්දු ආගමික සම්ප්‍රදායේ පූජනීය අංගයක් වන මාවිද්දපුරම් කෝවිල් පූජාව පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි මස 25) දින තෙලිප්පලෙයි, මාවිද්දපුරම් ශ්‍රී කාන්තස්වාමි කෝවිලේදී පැවැත්වූ අතර, අභිනවයෙන් රාජකාරි ආරම්භ කල ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත එහි දී අශිර්වාද එක්කරන ලදී.

හින්දු දහමේ පුරාණ චාරිත්‍රයක් ලෙස සැලකෙන තේරු උත්සවයේ දී දේව පූජාව සිදුකරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ආශිර්වාද ලබා ගත්තේය. එම උත්සවය සාර්ථකව සිදුකිරීමට යුද්ධ හමුදාව ලබාදුන් දායකත්වය කෝවිලේ ප්‍රධාන පූජකතුමන්ගේ ප්‍රසාදයට ලක්විය.

එම උත්සව අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.