Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st January 2024 19:43:11 Hours

යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකය විසින් කොළඹ බිෂොප් විද්‍යාලයේ පිහිනුම් කණ්ඩායම සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක්

කොළඹ 03, බිෂොප් විද්‍යාලයේ විදුහල්පතිතුමියගේ ඉල්ලීමකට අනුව මත්තේගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකය විසින් එම විද්‍යාලයේ සිසුවියන් 19 දෙනෙකු සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගිය සිකුරාදා (ජනවාරි මස 26) දින පවත්වන ලදී.

මෙම වැඩසටහන පැවැත්වීමේ මූලික අරමුණ වූයේ සිසුවියන්ගේ නායකත්ව ගුණාංග, කණ්ඩායම් වශයෙන් වැඩකිරීම හා කණ්ඩායම් ගොඩනැගීමේ හැකියාවන්, පෞරුෂත්ව වර්ධනය සහ සමාජ ආචාර ධර්ම වර්ධනය කිරීමයි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් යටතේ යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සහ ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ මෙම නායකත්ව පුහුණු වැඩසටහන සිදුකරනු ලැබීය.