Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th January 2024 14:45:35 Hours

ප්‍රදේශයේ සුබසාධන කටයුතු සඳහා 10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ සහ 5 (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ දායකත්වය

10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ සහ 5 (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ප්‍රදේශයේ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබූහ.

වැඩසටහනට සමගාමීව, මුරුංගන් හින්දු කෝවිලේ කෝවිල් අධිකාරිය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව 10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් පසුගිය සඳුදා (ජනවාරි මස 15) දින එම කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

5 (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 20) දින මුලන්කාවිල් රෝහලේ කාර්යය මණ්ඩලයේ සහයෝගය ඇතිව එම රෝහල් පරිශ්‍රයේ ඩෙංගු මදුරුවන් බෝවීම වැලක්වීම සඳහා රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.