06th June 2024 15:20:07 Hours
56 පාබල සේනාංකය විසින් පන්ද්‍රි කේතකුලම් පාසල් පරිශ්‍රයේදී 2024 ජූනි මස 02 දින අක්‍ෂි සායනයක් පැවැත්වීය. මෙම වැඩසටහනේ පළමු අදියරේදී අක්‍ෂි පරීක්‍ෂාවට භාජනය කළ පුද්ගලයින් 366 දෙනෙකු වෙත ප්‍රතිකාර ලබාදුන් දුන් අතර, ඉන් 138 දෙනෙකු වෙත ඇස් කණ්නාඩි ද පරිත්‍යාග කරනු ලැබීය. තවත් රෝගීන් 45 දෙනෙකු අක්‍ෂි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ඇසේ සුද ඉවත්කිරීමේ සැත්කම් සඳහා යොමුකරන ලදී. අක්‍ෂි සායනය සඳහා සහභාගී වූ පුද්ගලයින් වෙනුවෙන් භටපිරිස් විසින් ආහාරපාන ද පිරිනැමූහ.
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත නැවත පදිංචි කිරීමේ සංවිධානයේ සහකාර ලේකම් ආචාර්ය වේලායුදම් සර්වේස්වරන්ගේ දායකත්වයෙන් මෙම වැඩසටහන සාර්ථකව පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ නැවත පදිංචි කිරීමේ සංවිධානයේ කාර්යය මණ්ඩලය ද සහභාගි වූහ.