06th June 2024 15:12:45 Hours
23 පාබල සේනාංකයේ භටපිරිස් විසින් සුසිරිගම ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් සඳහා අත්‍යාවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් 2024 මැයි මස 29 දින වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.
233 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්.එන්. විජේසිංහ යූඑස්පී අයිජී ගේ අධීක්‍ෂණය යටතේ පැවති මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ.කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සහභාගි වූයේය.
මෙම උත්සවයේදී ආචාර්ය ත්‍යාගරාජා තවනේෂන්,වෛද්‍ය සෙල්වරාජ් ගිරිදරන් යන මහත්වරුන්ගේ අනුග්‍රාහකත්වය මත සහ ‘ABAYAM’ පදනමේ සහයෝගය ඇතිව සුසිරිගම ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් 134 දෙනෙකු අත්‍යාවශ්‍ය පාසල් උපකරණ බෙදාදෙන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, ගුරුවරුන්, දෙමාපියන් සහ පාසල් ළමුන් සහභාගි වූහ.