Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th June 2024 22:28:51 Hours

පලාලි CIMIC උද්‍යානය යාපනය සිවිල් ප්‍රජාවට තිළිණ කෙරේ

51 පාබල සේනාංක විසින් ඉදිකළ 'CIMIC උද්‍යානය' ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජි.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව් එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් 2024 ජූනි මස 07 දින සුභ මොහොතින් විවෘත කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් - යාපනය, 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් උණුසුම් අයුරින් පිලිගන්නා ලදී.

ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ඉල්ලීමකට අනුව මෙම ව්‍යාපෘතිය යුද්ධ හමුදා භට පිරිස් විසින් මසක් ඇතුළත ඉදිකර අවසන් කරන ලද අතර, යාපනයේ වාමදේව ත්‍යාගේන්ද්‍රන් මහතාගේ දියණිය වන ස්විට්සර්ලන්තයේ පදිංච් වෛද්‍ය නිලායිනි ත්‍යාගේන්ද්‍රන් මහත්මිය විසින් ඊට මුල්‍ය දායකත්වය ලබාදෙන ලදී.