Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th June 2024 15:17:14 Hours

මධ්‍යම පරිසර අධිකාරිය මඟින් සංවිධානය කළ පිරිසිදු කිරීමේ වැඩසටහනට යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය

2024 ජූනි මස 05 දිනට යෙදුනු ලෝක පරිසර දිනයට සමගාමීව 2024 ජූනි 03 දින මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් පරිසර හිතකාමී වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී, පල්ලෙකැලේ කාර්මික ජනපදයේ පිහිටි ත්‍රිත්ව විද්‍යාල ගොවිපළ පරිශ්‍රයේ සිට මහවැලි ගඟේ වම් ඉවුර දක්වා කිලෝ මීටර් 2 ක ප්‍රදේශයක් ආවරණය කරමින් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත 5 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහ 2 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් සිය දායකත්වය ලබාදුන්හ.