05th June 2024 15:17:44 Hours
නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් 613 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත භටපිරිස් විසින් 2014 ජුනි මස 04 දින අතුරලිය, අමලගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ගබඩා කර තිබූ අවුරුදු 1 සිට 3 දක්වා ළඳරුවන්ට ලබාදෙන රුපියල් මිලියන 4.5ක් වටිනා ප්‍රතිශක්තිකරණ එන්නත් තොගයක් සුරක්ෂිතව ගෙන ගොස් සෞඛ්‍ය අංශ වෙත භාරදෙන ලදී.
4 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ WMZ 551B සන්නද්ධ රථයක සහාය ඇතිව භටපිරිස් විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කාර්ය මණ්ඩලය ආරක්‍ෂිතව ඉවත්කිරීමේන් අනතුරුව, එන්නත් තොගය ආරක්‍ෂිතව අතුරලියේ සිට අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ප්‍රවාහනය කරන ලදී.
මෙම මෙහෙයුම සඳහා නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.