Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th June 2024 18:13:23 Hours

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූවන් වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් සහනසේවා සපයයි

අයහපත් කාලගුණයත් සමඟ 2024 ජුනි මස 03 දින ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් හා 141 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් ගේ අධීක්‍ෂණය මත 6 ක්ෂේත්‍ර ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 8 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් මුදවාගැනීමේ සහ සහන සේවා සැපයීමේ මෙහෙයුම් දියත් කළහ.

මීට අමතරව, ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල අවතැන් වූ ජනතාවට ආහාර සැපයීම, විදුලිය හා සන්නිවේදන සේවා යථා තත්ත්වයට පත්කිරීම සහ ආපදා සහන ක්‍රියාන්විතයන් දියත් කිරීම සඳහා ද යුද්ධ හමුදා භටපිරිස් යොදවා තිබේ.