Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th June 2024 22:21:57 Hours

9 ගැමුණු හේවා බළකායේ භටපිරිස් විසින් ගංවතුරෙන් ආපදාවට ලක්වූවන්ට සහනසේවා සපයයි

582 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.එල්.ඩී.එස්. මොල්ලිගොඩ යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය මත 9 ගැමුණු හේවා බලකායේ භටපිරිස් හොරණ මිල්ලනිය ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් ආපදා සහන සැලසීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරණු ලැබීය.

9 ගැමුණු හේවා බළකායේ භට පිරිස් විසින් මිල්ලනිය ප්‍රදේශයේ බෝට්ටුවක් භාවිතා කරමින් අපදාවට ලක්වූවන් හට වියළි සලාක සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමට කටයුතු කරණු ලැබීය.