Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th June 2023 20:46:29 Hours

යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සාමාජිකයින් සඳහා ‘යෝග’ පුහුණු සැසියක්

යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී ගේ උපදෙස් මත නාරාහේන්පිට, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී යෝගා පුහුණු සැසියක් පසුගිය බදාදා (14) දින පවත්වන ලදී.

යෝගා පුහුණු සැසිය මඟින් එම බලකායේ හමුදා සාමාජිකයින්ගේ මානසික හා ශාරීරික කාර්යක්‍ෂමතාව සහ අධ්‍යාත්මික ගුණාංග වැඩිදියුණු කිරීම බලාපොරොත්තු වූ අතර, ඒ සඳහා නිලධාරීන් සහ සෙසු නිලයින් 140 කට අධික පිරිසක් සහභාගී වූහ.

පුහුණු සැසිය සුදුසුකම් ලත් යෝග උපදේශකවරයෙකු වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ බළලත් නිලධාරී I ඩබ්ලිව්.පී.එස් වික්‍රමනායක විසින් පවත්වන ලදී.