2023-07-24 19:30:30
දීප ව්‍යාප්ත යුද්ධ හමුදා පුහුණු පාසල්වල සේවයේ නියුතු යුද්ධ හමුදා උපදේශකවරුන් වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්යක්ෂ මණ්ඩලය වෙතින් ‘සමාකෘති අවි පුහුණුව’ පිළිබඳ තෙදින පුහුණු වැඩසටහනක් ජුලි මස 19 සිට 21 දින දක්වා කාලය තුළ පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්වීය.
2023-07-24 19:19:38
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට අයත් ස්වේච්ඡා ඒකකයන්හි සේවයේ නියුතු රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් පසුගිය අඟහරුවාදා (ජූලි මස 18) දින ‘හමුදා දිවියට අදාළ රාජකාරිමය ගැටළු නිරාකරණය’ සහ ‘සමකාලීන ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා ධනාත්මක චින්තනය සහ සැලසුම්කරණය’ යන තේමාවන් ඔස්සේ දේශනයකට සහභාගී වූහ.
2023-07-24 18:49:27
අම්පාර සටන් පුහුණු පාසලේ පැවති ‘කනිෂ්ඨ උපදේශක පාඨමාලාව - අංක 101’ හි සහතිකපත් ප්‍රධානෝත්සවය පසුගිය සිකුරාදා (ජූලි මස 21) දින පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහභාගී විය.
2023-07-17 21:27:54
ජාත්‍යන්තරව පිළිගත් ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම 3 සහ 4 සහිත අර්ධ වාර්ෂික වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරූ යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් සහතිකපත්‍ර පිරිනැමේ උත්සවය පසුගිය අඟහරුවාදා (ජූලි මස 11) දින කලාඔය පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙහිදී, භටපිරිස් වෙනුවෙන් විදුලි කාර්මික පාඨමාලාව, ලී කැටයම් පාඨමාලාව, පෙදරේරු පාඨමාලාව, ජලනළ කාර්මික පාඨමාලාව, බේකරි පාඨමාලාව, සූපවේදී පාඨමාලාව සහ ගබඩා ආරක්ෂක පාඨමාලාව වැනි පාඨමාලා රැසක් ක්‍රියාත්මක කරනු ලබයි.
2023-07-15 18:27:39
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සංවිධානය කරන ලද ‘ක්‍රීඩාව සඳහා පෝෂණය’ යන තේමාව යටතේ හරවත් අධ්‍යාපනික සැසියක් පසුගිය සිකුරාදා (ජූලි මස 14) දින පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී පැවැත්විණි.
2023-07-14 21:47:16
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය මඟින් පවත්වනු ලැබූ ‘අන්තර් ඒකක සරඹ තරඟාවලිය - 2023’, අවසන් තරඟය සඳුන්පුර, 3 (ස්වෙච්ඡා) යුද්ධ හමුදා කාන්තා බලකා කඳවුරු පරිශ්‍රයේදී සරඹ කණ්ඩ දෙකක සහභාගීත්වයෙන් පසුගිය අඟහරුවාදා (ජූලි මස 11) දින පැවැත්විය.
2023-07-14 21:41:36
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 පාබල සේනාංකයේ 591 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 10 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් නන්දිකඩාල්, 59 පාබල සේනාංක පුහුණු පාසලේදී පවත්වනු ලැබූ බලඇණි පුහුණු පාඨමාලාව පසුගිය සඳුදා (ජුලි මස 10) දින සාර්ථකව අවසන් කරන ලදී.
2023-07-14 00:52:08
ජාතීන් අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය සහ අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින්, ජුලි මස 6-9 යන දිනයන්හි නැගෙනහිර කලාපයේ ‘නාකූරා’ (Naqoura) හි ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ (UNIFIL) රාජකාරි කරනු ලබන ‘ශ්‍රී බේස්’ (Sri Base) කඳවුරු පරිශ්‍රයේ සහ ඉන්දියානු බලඇණියේ (INDBATT) පුහුණු කරන ලද සුනඛයන් සහ ඔවුන්ගේ භාරකරුවන් යොදා ගනිමින් දින දෙකක දීර්ඝ ‘K-9 ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක්’ පවත්වනු ලැබූය.
2023-07-12 20:03:01
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගේ සංකල්පයකට අනුව සංවිධානය කරන ලද දේශන මාලාවට සමගාමීව පැවැත්වූ මෙම දේශනය ‘Diners’ Club’ වැඩසටහන අතරතුරදී ඉකුත් සිකුරාදා (ජූලි මස 07) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-07-11 20:49:02
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි මූලිකත්වයෙන් ජූලි මස 5 සහ 6 දෙදින තුළ එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලුම සේනාංක, බලසේනා සහ ඒකක යටතේ සේවයේ නියුතු සියලුම රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහ බළලත් නිලධාරීන් වෙනුවෙන් දෙදින වැඩමුළුවක් එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරන ලදී.