12th June 2023 18:47:36 Hours
කොමිෂන් නොලත් නිලධාරීන්ගේ නායකත්වය සහ වෘත්තීය සංවර්ධන පාඨමාලා අංක - 49 හි සහතිකපත් ප්රදානෝත්සවය පසුගිය සෙනසුරාදා (ජුනි මස 10) දින අම්පාර සටන් පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
යුද්ධ හමුදාවේ රෙජිමේන්තු කිහිපයක් නියෝජනය කරමින් කොමිෂන් නොලත් නිලධාරීන් 95 දෙනෙකු අම්පාර සටන් පුහුණු පාසලේ මාස දෙකක කාලසීමාවක් පුරාවට පැවති මෙම පාඨමාලාව සඳහා සහභාගී වූහ.
පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය 10 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බොඩියර් වී.එම්.එස්.ඊ. ගමගේ විසින් දිනාගන්නා ලදී.
මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරි කර්නල් එම්.කේ.ඒ.ඩී. චන්දිමාල් ආර්එස්පී සහභාගී විය.