Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th June 2023 21:51:10 Hours

විශේෂ අතිරේක ප්‍රහාරක ඛණ්ඩ පුහුණු පාඨමාලා අංක - 05 සාර්ථකව අවසන්

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත පම්පෙයිමඩු බලඇණි පුහුණු පාසලේදී පැවති විශේෂ ක්‍රියාන්විත අතිරේක ප්‍රහාරක ඛණ්ඩ පුහුණු පාඨමාලා අංක - 05 හි සමාප්ති උත්සවය පසුගිය අඟහරුවාදා (ජුනි මස 13) දින පැවැත්විණි. මෙම පාඨමාලාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21, 54, 56, 62 සහ 65 පාබල සේනාංකයන්හි ඛණ්ඩ 10 ක නිලධාරින් 9 දෙනෙක් සහ සෙසුනිලයන් 248 දෙනෙකු සහභාගි වූහ.

පාඨමාලා කාලය තුලදි GPS යන්ත්‍ර හැසිරවීම, අවි රහිත සටන් ක්‍රම, ප්‍රභූ පුද්ගල ආරක්‍ෂාව, අවි හැසිරවීම හා ජීව වෙඩි තැබීම්, සෙවීම සහ මුදවාගැනීම, සම්බන්ධ වීමේ නිතී, විශේෂ මෙහෙයුම් ක්‍රියා පටිපාටි සහ අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරි පිළිබඳව ප්‍රායෝගික මෙන්ම න්‍යායාත්මක දැනුම ලබාදීම මෙහිදී සිදුවිය.

පාඨමාලාවේ සමාප්ති දේශනය ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් එස්.පී.ජී. ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සිදුකළේය. 562 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජේ.එම්.ඒ. ජයසේකර ආර්එස්පී යූඑස්පී, 56 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, ඒකක අණදෙන නිලධාරීන් ද සහතිකපත් ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වූහ. එහිදී, පහත නම් සඳහන් ශිෂ්‍ය නිලධාරින් සහ සෙසුනිලයන් වෙත කුසලාන ප්‍රදානය කෙරිණි.

දක්‍ෂතම ඛණ්ඩය - 10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකාය (54 පාබල සේනාංකය)

දක්‍ෂතම ඛණ්ඩ භාර නිලධාරි - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ කපිතන් එස්.යූ. මුණසිංහ

දක්‍ෂතම කණ්ඩායම් භාර නිලධාරි - 20 ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් එස්.ආර්.ආර්.එස්.පී ධර්මසේන

සෑම අතින්ම අතිශූර සෙබලා - 10 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.කේ. විජේරත්න

දක්‍ෂතම වෙඩික්කරු - 10 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ එස්/10එෆ්02136 කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.කේ. විජේරත්න

හොඳම ශාරීරික යෝග්‍යතාවයෙන් හෙබි සෙබළා - 10 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ එස්/එෆ්100804 ලාන්ස් කෝප්‍රල් කේ.එම්.පී. මදුෂංක