2023-08-05 06:27:26
බුත්තල, යුද්ධ හමුදා යුද විද්‍යාලය මගින් පවත්වනු ලබන ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව හදාරන ශිෂ්‍ය නිලධාරීන් 26 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔවුන්ගේ විෂය මාලාවේ කොටසක් ලෙස පසුගිය සෙනසුරාදා (ජූලි මස 29) දින අම්පාර සටන් පුහුණු පාසලේ අධ්‍යයන චාරිකාවක නිරත විය. ශිෂ්‍ය නිලධාරීන් කණ්ඩායම අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක, බ්‍රිගේඩියර් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් පිළිගන්නා ලද අතර, අනතුරුව ඔවුන් වෙත යුද්ධ හමුදා අවමංගල්‍ය උත්සවයක සරඹ පිළිවෙත්, ආරක්ෂක මුර හා සම්මාන මුරයන්හිදී සිදුකරනු ලබන සරඹ පිළිවෙත් පිළිබඳ නිදර්ශණයන් නැරඹීමට අවස්ථාව හිමිවිය.
2023-08-03 23:56:00
ප්‍රතිත්‍රස්ත කැලෑබද පුහුණු සටන් පාඨමාලා අංක - 32 නිලධාරී සහ ප්‍රතිත්‍රස්ත කැලෑබද පුහුණු සටන් පාඨමාලා අංක - 34 ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරී හා කොමිෂන් නොලත් නිලධාරී යන පාඨමාලාවන්ගේ විසිර යාමේ පෙළපාලිය මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පසුගිය සිකුරාදා (ජුලි මස 28) දින පැවැත්විණි.
2023-08-01 18:38:35
පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ භටපිරිස් වෙනුවෙන් කොළඹ යුද්ධ හමුදා රෝහලේ මනෝවිද්‍යා උපදේශක කපිතන් එස්.ආර්.ඒ. ද සිල්වා විසින් ‘ආතති කළමනාකරණය’ මැයෙන් හරවත් දේශනයක් පසුගිය බදාදා (ජූලි මස 26) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වූහ.
2023-07-31 19:42:37
‘ජාත්‍යන්තර මානුෂීය නීතිය’ පිළිබඳ උසස් පාඨමාලාව හදාරනු ලබන යුද්ධ, නාවික සහ ගුවන් හමුදා නිලධාරීන් පසුගිය අඟහරුවාදා (මැයි මස 25) දින ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිතයින් ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි ශ්‍රවණාගාරයේදී පැවැත්වූ දේශනයකට සහභාගී වූහ.
2023-07-30 21:21:56
අම්පාර සටන් පුහුණු පාසල වෙතින් පවත්වන ලද ‘කණිෂ්ඨ නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 50’ හි සහතිකපත් ප්‍රධානෝත්සවය එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (ජූලි මස 28) දින අම්පාර සටන් පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-07-30 21:09:34
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු අණදෙන නිලධාරීන්, දෙවන අණදෙන නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් වෙනුවෙන් ‘සිවිල් පරිපාලනයට හමුදා සහය’ මැයෙන් දෙදින වැඩමුළුවක් ජුලි මස 27 සහ 28 යන දෙදින තුළ ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-07-28 19:41:05
බූවැලිකඩ සංඥා පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවති තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ මූලික සහතිකපත්‍ර පාඨමාලා අංක - 130 හි සහතිකපත් ප්‍රධානෝත්සවය පසුගිය සඳුදා (17) දින එම පුහුණු පාසල් පරිශ්‍රෙය්දී පැවැත්විණි.
2023-07-28 19:29:42
කොළඹ යුද්ධ හමුදා රෝහලේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ වැඩසටහනේ 2 වන අදියර යටතේ ‘බෝ නොවන රෝග’ මැයෙන් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් දේශනයක් පසුගිය බදාදා (ජුලි මස 26) දින බටලන්ද ප්‍රදේශයේ ස්ථාපිත ආරක්ෂක සේනා අණ හා මාණ්ඩලික විද්‍යාලයේදී පැවති අතර, එම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් 72 දෙනෙක්, ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් 26 දෙනෙක්, ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් 24 දෙනෙක්, විදේශීය නිලධාරීන් 25 දෙනෙක් සහ පොලිස් නිලධාරියෙක් ඇතුළු ශිෂ්‍ය නිලධාරීන් 148 දෙනෙකු සහභාගී වූහ.
2023-07-28 19:24:14
බුත්තල, යුද්ධ හමුදා යුද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව අංක - 8 හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරින් ජුලි මස 10 සිට 12 දින දක්වා කාලය තුළ කොළඹ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ, නාවික හා ගුවන් හමුදා ආයතනයන්හි සංචාරයක නිරත වූහ. එම ආයතනයන් විසින් සිදුකරනු ලබන ක්‍රියාකාරකම් පිළිබඳ දැනුම ප්‍රවර්ධනය කරවීමේ අරමුණින් මෙම සංචාරය සිදුකෙරිණි.
2023-07-28 19:18:42
ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් දිනාගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කාර්ය සාධනය ඉහළ නැංවීමේ අරමුණින් යුද්ධ හමුදා ක්‍රීඩා සංචිතයන්හි සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කායික සහ මානසික අභිප්‍රේරණය ඉහළ නැංවීමට ක්‍රීඩා අධ්යක්ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් ලබාදුන් උපදෙස් මත එම අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන වැඩසටහනෙහි තවත් එක් වැඩසටහනක් පසුගිය බදාදා (ජූලි මස 26) දින මත්තේගොඩ, ඉංජිනේරු සේනාංක මූලස්ථානයේදී පවත්වන ලදී.