18th June 2023 15:24:06 Hours
කොළඹ යුද්ධ හමුදා රෝහලේ වෛද්‍ය උපදේශකවරුන් සඳහා වන ‘නිරෝගී හමුදාවක් -නිරෝගී දැයක්’ වැඩසටහනේ දෙවන අදියර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පසුගිය බදාදා (14) දින පනාගොඩ 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේදී ආරම්භ විය.
වැඩසටහනේදී කායික රෝග පිළිබඳ උපදේශක වෛද්‍ය බ්‍රිගේඩියර් ඒ.එස්.එම් විජේවර්ධන යූඑස්පී විසින් ‘බෝනොවන රෝග හඳුන්වාදීම සහ වැළකීම’ පිළිබඳවත් මනෝ වෛද්‍ය උපදේශක බ්‍රිගේඩියර් ආර්.එම්.එම් මොණරාගල යූඑස්පී විසින් ‘දුම්වැටි හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම තුලින් ඇතිවන ආතති තත්ත්වය’ පිළිබඳවත්, කර්නල් බී එල් රණසිංහ කේඑස්පී විසින් ‘බෝනොවන රෝග නිවාරණයේදී රෝග විනිශ්චය සහ ව්‍යායාමයේ වැදගත්කම’ පිළිබඳවත්, බළලත් නිලධාරී I ඩී.ඩබ්ලිව් ක්‍රිෂානි, මාණ්ඩලික සැරයන් ටී.එම්.ජී ප්‍රියදර්ශන සහ කෝප්‍රල් එල්.එච්.ඊ.කේ කරුණාරත්න විසින් ‘රුධිරයේ සීනි මට්ටම, රුධිර පීඩනය නිවැරදිව පරීක්‍ෂා කරන්නේ කෙසේද, උසට සරිලන බර පවත්වාගැනීම’ පිළිබඳවත් දේශනයන් සිදු කරන ලදී.
ලුතිනන් එච්.එච්.ඩී.අයි.එල්. හෙට්ටිආරච්චි විසින් ‘ආහාර සහ පෝෂණයේ වැදගත්කම’ පිළිබඳවත් මේජර් පී.ඒ.එස්.ඩී ජෝතිපාල විසින් ‘ජීවන රටාව වෙනස්වීම, සන්නිවේදනය සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය’ පිළිබඳවත් දේශනයක් පවත්වන ලදී.
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ‘නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක්’ වැඩසටහන නැවත ආරම්භ කරනු ලැබීය. මෙම වැඩසටහනේ සැසිවාරයන් සඳහා වෛද්‍ය නිලධාරින් 67 දෙනෙකු, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ඇති වෛද්‍ය රසායනාගාරවල සේවය කරන හෙද නිලධාරින් සහ වෛද්‍ය සහයකවරුන් සහභාගි වූහ.