Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th June 2023 20:58:01 Hours

1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් වෙනුවෙන් ‘මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය’ පිළිබඳ තෙදින වැඩමුළුවක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 143 පාබල බලසේනාවට අයත් 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතියේ විවිධ පැතිකඩයන් පිළිබඳ යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් දැනුවත් කිරීමේ අරමුණින් 2023 මැයි මස 16 දින සිට 18 දින දක්වා එම මූලස්ථාන පරිශ්‍රයේදී ‘මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය’ පිළිබඳ තෙදින වැඩමුළුවක් පවත්වන ලදී.

මෙම තෙදින වැඩමුළුව මේජර් ආර්.එම්.සී.එම්. සිරිවර්ධන, කපිතන් කේ.එච්.එන්. විජේපාල සහ වාරියපොළ පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්. වසන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණී. සන්නද්ධ ගැටුම් වලදී ජාත්‍යන්තර මානුෂීය නීතියේ කාර්යභාරය මෙන්ම යුද සිරකරුවන්ගේ සහ යුද්ධයේදී අවතැන් වන සිවිල් වැසියන්ගේ අයිතිවාසිකම් කෙරෙහිද අවධානය යොමු කරමින් සමානාත්මතාවයෙන් සැලකීම සහ මානව ගරුත්වය යන කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙම වැඩමුළුව පැවැත්විණී. මෙම වැඩමුළුව සඳහා 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් 100 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වූහ.