28th June 2023 22:12:49 Hours
යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානය මගින් මෙම වර්ෂයේ දෙවන කාර්තුව සඳහා පවත්වන ලද නිලධාරීන්ගේ පුහුණු දිනය එම බලකායට අයත් නිලධාරීන් 75 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය 23 (සිකුරාදා) දින පොල්හේන්ගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති, මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ලබා දුන් උපදෙස් මත නිලධාරී පුහුණු දින සැසිය 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිලධාරීන් විසින් සංවිධානය කරන ලදී.
පුහුණු සැසිය ආරම්භ කරමින් ශාරීරික පුහුණු අභ්‍යාස වල නිරත වූ අතර, අනතුරුව නිලධාරීන්ගේ ඉදිරිපත් කිරීම් සහ සන්නිවේදන කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් තනි පුද්ගල සහ කණ්ඩායම් වශයෙන් ඉදිරිපත් කිරීම් පවත්වනු ලැබීය.
සන්ධ්‍යාවේදී , රෙජිමේන්තු නිලධාරී නිවස්නයේ ‘Diners’ Club’ වැඩසටහනක් පැවැත්වූ අතර, එහිදී , ගෝලීය පෝෂණය සහ සෞඛ්‍යය පිළිබඳ උපාධිධාරිනියක සහ මහජන සෞඛ්‍ය, පෝෂණ හා ආහාර ප්‍රතිපත්ති පිළිබඳ විශේෂඥ ලක්ෂ්මි ජයවර්ධන මෙනවිය විසින් හමුදා සාමාජිකයින්ගේ යහපැවැත්ම සඳහා ‘පෝෂණය සහ සෞඛ්‍ය පිළිබඳ මූලික කරුණු’ යන මැයෙන් හරවත් දේශනය පවත්වන ලදී.
පුහුණු දින වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති, එම බලකායේ මන්ත්‍රණ සභා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූහ.