2023-08-22 22:12:45
නිකවැව ගුවන් සංග්‍රාමික පුහුණු පාසල වෙතින් පවත්වන ලද ගුවන් සංග්‍රාමික පුහුණු පාඨමාලා අංක 26 සාර්ථකව හදාරන ලද භටපිරිස්, විසිර යාමේ උත්සවය පසුගියදා පැවති අතර, එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
2023-08-20 20:29:24
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය මගින් එම බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා එක් දින වැඩමුළුවක් පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 17) දින යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්වීය.
2023-08-20 20:26:43
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 144 පාබල බලසේනාව විසින් සංවිධානය කරන ලද ‘නිරෝගිමත් මනසක්’ යන මැයෙන් හරවත් දේශනයක් කැලණිමුල්ල, 2(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරු පරිශ්‍රයේදී පසුගියදා පවත්වන ලදී.
2023-08-19 20:42:49
මැලේසියාවේ පැවැත්වෙන ‘Krish Aman 11’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් දස දෙනෙකු සහ සෙසු නිලයින් විසිහය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 10 ) දින මැලේසියාව බලා පිටත්ව යන ලදී.
2023-08-17 20:19:52
ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම සේවයේ නියුතු කාර්යය මණ්ඩලය දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද ‘අන්තරායකර ඖෂධ සහ මත්ද්‍රව්‍ය‘ පිළිබඳ විශේෂ පුහුණු වැඩසටහනක් පසුගිය බදාදා (අගෝස්තු මස 16) දින එම සේනා මූලස්ථානයේදී පැවැත්විණි.
2023-08-15 21:22:20
කුකුලේගඟ සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය මගින් පවත්වනු ලැබූ මෙහෙයුම් මූලස්ථාන ආරක්ෂක කණ්ඩායම් පෙර පුහුණු පාඨමාලාව අංක - 15 සහ ගුවන් හමුදා භඨ පිරිස් පෙර පුහුණු පාඨමාලාව අංක - 09 යන පාඨමාලාවන් පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස10) දින සාර්ථකව අවසන් විය.
2023-08-12 17:41:59
යුද්ධ හමුදා ක්‍රීඩා අධ්යක්ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත ක්‍රීඩා අධ්යක්ෂ මණ්ඩලය වෙතින් වේරහැර ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 64 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පසුගිය බදාදා (අගෝස්තු මස 09) දින ‘රෙජිමේන්තු ක්‍රීඩා මනෝවිද්‍යාව’ මැයෙන් දේශනයක් පැවැත්විණී.
2023-08-11 20:15:50
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය වෙතින් 2023 අගෝස්තු මස 09 දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී ‘සාර්ථක ජීවිතයක් සඳහා නිවැරදි මූල්‍ය කළමණාකරනය’ තේමාව ඔස්සේ පූර්ණ දින දේශනයක් පැවැත්වීය.
2023-08-07 21:27:41
අම්පාර සටන් පුහුණු පාසල මඟින් පැවැත්වූ ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 67’ හි සහතිකපත් ප්රදානෝත්සවය ප්රදානෝත්සවය අගෝස්තු මස 05 දින පැවැත්වූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.එන්.ආර්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී විය.
2023-08-05 06:31:34
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරී පුහුණු දින වැඩසටහන එම රෙජිමේන්තුවේ නිලධාරීන් සියයකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය සිකුරාදා (ජූලි මස 28) දින අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථාන දී පැවැත්විණි.