24th June 2023 18:29:31 Hours
ක්‍රීඩා කායික විද්‍යාව පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් පසුගිය බදාදා (ජූනි මස 21) දින ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ‘ක්‍රීඩාව තුලදී සිදුවන අනතුරු වලින් වැළැක්වීම සහ කළමනාකරණය’ සහ ‘විවිධ ක්‍රීඩා සහ විද්‍යාත්මක පුහුණු ප්‍රවේශවල මානසික හැඩගැස්වීම’ තේමාව ඔස්සේ වැඩමුළු දෙකක් පැවැත්විණි.
යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත ක්‍රීඩා සංවර්ධන ගම්මානයේ මේජර් ඩබ්ලිව්.කේ.පී.එස්. බණ්ඩාර සහ ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කපිතන් ඕ.ඩී.එස්.කේ. රූපසිරි විසින් මෙම වැඩමුළු මෙහෙයවනු ලැබූහ.
මෙම වැඩමුළු සඳහා රෙජිමේන්තු මූලස්ථාන මට්ටමින් උනන්දුවෙන් සහ කැපවීමෙන් කටයුතු කරනු ලබන ක්‍රීඩකයින් පිරිසක් ද සහභාගී වූහ.