Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd June 2023 20:45:16 Hours

රණවිරු සම්පත් කේන්ද්‍රයේ භටපිරිස් වෙනුවෙන් ‘යුද සාහිත්‍යය’ මැයෙන් දේශනයක්

වත්තල ප්‍රදේශයේ ස්ථාපිත රණවිරු සම්පත් කේන්ද්‍රයේ සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් පසුගිය බදාදා (ජූනි මස 14) දින ‘යුද සාහිත්‍යය’ මැයෙන් දේශනයක් එම රණවිරු සම්පත් කේන්ද්‍ර පරිශ්‍රයේදී පැවති අතර එම දේශනය මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ.එස්. චමින්ද ගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත යුද ඉතිහාසය පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීම සහ සියලුම යුද්ධ හමුදා සාමාජිකයන්, තමන් පිළිබඳ ගෞරවය හා ප්‍රසාදය ඇති කිරීමේ අරමුණින් මෙම දේශනය පැවැත්වීය.

මෙම දේශනය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් 150 කට අධික පිරිසක් සහභාගී වූහ.