Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th June 2023 21:44:38 Hours

12 ගජබා රෙජිමේන්තුව සහ 10 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් වෙනුවෙන් දේශනයක්

12 ගජබා රෙජිමේන්තුව සහ 10 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් පසුගිය ඉරිදා (ජුනි මස 18) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ‘ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ ආගමික පසුබිම’ තේමාව ඔස්සේ පැවති හරවත් දේශනයක් සඳහා සහභාගී වූහ.

ශ්‍රි ලංකාවේ ඉතිහාසය සහ ආගමික පසුබිම මෙන්ම ආත්මාභිමානය පිළිබඳ දැනුම තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම දේශනය පැවැත්වීය. ඒ සඳහා නිලධාරීන් 05 දෙනෙකු සහ සෙසුනිලයින් 85 දෙනෙකු සහභාගී වූහ.

මෙම දේශනය 10 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් අයි.ජී.ආර්. ධම්මික විසින් පවත්වන ලදී.