Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th June 2023 22:08:57 Hours

යුද්ධ හමුදා යුධ විද්‍යාලය දෙවන වරටත් ‘Hash Run of 2023’ සාර්ථකව පවත්වයි

යුද්ධ හමුදා යුධ විද්‍යාලය පාඨමාලා හදාරන ශිෂ්‍ය නිලධාරීන්ට එම අධ්‍යයන කටයුතු වලින් පරිභාහිරව සිදුකරන ප්‍රධාන එළිමහන් ක්‍රියාකාරකමක් වන ‘Hash Run’ ධාවන තරඟය සෑම තෙමසකටම වරක් පවත්වනු ලබන අතර, මෙවරද එම තරඟය පසුගිය සෙනසුරාදා (24) දින පැවැත්වීය.

‘Hash Run’ ධාවන තරඟය සඳහා ජ්‍යෙෂ්ඨ අණදෙන පාඨමාලා අංක - 8, කනිෂ්ඨ අණ පාඨමාලා අංක - 27 සහ කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලා අංක 24 යන පාඨමාලාවන්හි ශිෂ්‍ය නිලධාරීන්, එම විද්‍යාලයේ සේනාවිධායක, ප්‍රධාන උපදේශක, සියලුම පීඨ සාමාජිකයින් සහ නිලධාරී කාර්යය මණ්ඩලය එක් වූහ.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් සංකේතාත්මකව තරඟය ආරම්භ කරනු ලැබීය.

‘drinking club with running problems’ යන හාස්‍යජනක නමින් වර්ෂ 1930 අග භාගයේ ආරම්භ වූ මෙම තරඟය වර්ථමානයේ ‘Hash Run’ නමින් පවත්වනු ලබයි. එම පැරණි සම්ප්‍රදායන් ආරක්‍ෂාකර ගනිමින් පැවැත්වූ මෙම තරඟය සඳහා ත්‍රාසයජනක මාර්ගයන් ඔස්සේ දිවීම, බාධක තරණය සහ රට හරහා දිවීම යන ඉසව් ඔස්සේ කිලෝමීටර 12 ක පමණ දුරක් එම මාර්ගයේ ගමන්කල යුතු අතර, එහිදී තරඟකරුවන්ට ග්‍රාමීය ප්‍රදේශ වලින් ලැබෙන ආහාර පාන භුක්ති විදිමටද අවස්ථාව සැලසෙනු ලැබේ.

ධාවනය අවසන් වූ පසු, ඒ සඳහා සහභාගී වූ සියළුම අයවලුන් යුද්ධ හමුදා යුද විද්‍යාලයේ විවෘත රංග ශාලාවට රැස් වී කැරෝකේ සංගීතය සහ නර්ථනයේ යෙදීමද සිදුවිය.